සබරගමුව පළාතේ මාවනැල්ල පුරවරයේ ඓතිහාසික උතුවන්කන්ද ප්‍රදේශයේ පිහිටි අප පාසල අර්ධ නාගරික පාසලකි.වසර සියයකට අධික ප්‍රෞඩ ඉතිහාසයක උරුමය ඇති මෙම පාසල එදා මෙදා තුර දැයට දායද කල පුරවැසියන් ප්‍රමාණය අති විශාලය. ප්‍රාථමික හා ද්විතීයික ලෙස අංශ දෙකක් යටතේ පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන අතර 1 ශ්‍රේණීයේ සිට 11 ශ්‍රේණීය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. මේ වන විට සිසුන් 309 ක් පමණ ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වන අතර අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 28 කි. 5 ශ්‍රේණියේ සිසුන් ශිෂ්‍යත්ව ප්‍රථිඵල අනූව මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ ප්‍රධාන පාසල් 10 අතර රැදී සිටින අතර අප පාසල අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රථඵල අනූවද කැපී පෙනෙන දස්කම් දක්වා ඇත. සංගීතය, නර්තනය හා සිංහල භාෂාව ආදී අංශයන්හිද ඉහළ දස්කම් දැක්වීමට සමත් වී ඇත.
නැණ ගුණෙන් පිරිපුන් විසිඑක් වන සියවසේ විශ්වීය දරුවෙක්.
නිදහස සමානාත්මතාවය හා සහෝදරත්වය අගයන ආචාරසම්පන්න ගුණවත් නැණවත් සමබර පෞරුෂයකින් යුත් ජාති හිතෛශි පරපුරක් බිහි කිරිම.