වැජඹෙි බැබලේ උතුවන්කන්දේ පාසල් මෑණි අපේ
සැරදේ පාසල් මෑණි අපේ
මුළු ගම්මනය සතරින් එලි කළ
පහනක් පරිදි නැගේ
ඉදිරිව එන හැම අඳුරු කැටී
නොබියව දවන වහා
සවිමත් එළිමත්
නැණවත් ගුණවත්
දරුවන් තනන හෙළේ
පාසල් මෑණි අපේ සැරදේ පාසල් මෑණී අපේ
බස දෙස නැගුමට ඔබ කළ සේවය
සමරමු අපි සැමදා
ඔබ නැණ එළියෙන් එළිය නගා
යහගුණ නිතර වගා
ඔබ දෙන ඔවදන් නිති සිහියෙහි ලා
ඔබෙ නම රකිමු අපි
පාසල් මෑණි අපේ සැරදේ
පාසල් මෑණි අපේ//





