පාසල පිළිබඳ හැදින්වීම
සබරගමු පළාතේ, කෑගලු දිස්ත්‍රීක්කයේ ,උතුවන්කන්ද වසමේ පල්ලිය වත්ත නැමති වත්තේ මෙම පාසල පිහිටා ඇත. එය කතෝලික මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලද පෞද්ගලික පාසලකි. ක්‍රී.ව. 1920 වකවානුවේ සිට අවුරුදු 10ක් පමණ දීගු කාලයක්ම ඉගැන්විමේ කටයුතු කලේ එකම ගුරුවරයෙකි.එකල සිසුන් 125කි.
1962න් පසු ස්ථීර උපකෘත පාසලක් බවට පත්වී ඇත.පසුව ගුරු මණ්ඩලය 6ක් වූ අතර සිසුන්ද වැඩිවිය.මේ පාසල ආරම්භ වී වසර කිහිපයක් යන තෙක් වෙනත් පාසලක් ආරම්භ වී නැත.මෙය මෙම ප්‍රදේශයේ පැරණිම පාසලකී.වත්මන් ගුරු මණ්ඩලය 25 දෙනෙකි.ශිෂ්‍ය සංඛ්‍යාව 309 ක් පමණ වේ.
මේ පාසලට ඇති විශාලතම අඩුපාඩුව වන්නේ ගොඩනැගිලි හිගකමයි. නමුත් ගොඩනැගිලි ඉදිකිරීමට සුදුසු භූමියක් මෙම පාසලට නොමැත.මෙම අඩුපාඩු මධ්‍යයේ වූවද මෙම පාසලේ සිසුන් කලාප,පළාත් හා සමස්ත ලංකා මට්ටමෙන් සිංහල භාෂා තරග,සෞන්දර් ය අංශයේ හා ක්‍රීඩා අංශයේ තරග ජයග්‍රහණ ලබා ඇත.අධ්‍යපනයේ ගුණාත්මක බව අතින්ද මෙම පාසල දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවති යි.





