විදුහල්පති පණිවිඩය
M.G.A.R.බණ්ඩාර
විශිෂ්ඨ විභාග ප්‍රථිඵල හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ඉදිරියට එන අප පාසල සබරගමුව පළාතේ මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි දිප්තිමත් පාසලකි. වසර සියයකට අධික ප්‍රෞඩ ඉතිහාසයක් උරුම අප පාසලේ සිසු සිසුවියන් කොට්ඨාස,කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියක් අත් පත් කර ගෙන ඇති අතර පාසලෙන් බිහිවු කීර්තිමත් ආදි සිසුන්ද බොහොමයකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන්ද ඉහල ප්‍රගතියක් පසුගිය කාලය තුල ලබා ඇත.සිසු දරුවන් තුලද තොරතුරු තාක්ෂණය පිළිබද විශාල උනන්දුවක් පවති. අප පාසල සමග සබදතා පවත්වන අනෙකුත් පාර්ශවයන් සමග සන්නිවේදන කටයුතු සිදු කිරිමේදී වෙබ් අඩවියට අවශ්‍යතාව මෙමගින් ඉටු කර ගත හැකි වෙතැයි අපගේ විශ්වාසයයි. මෙම කාර්ය සාර්ථක කර ගැනිම සදහා සහයෝගය දැක්වු සැමට මාගේ ගෞරවය පිරිනමමි.
M.G.A.R.බණ්ඩාර
විදුහල්පති
උතුවන්කන්ද කණිෂ්ඨ විද්‍යාලය.





