කෑ/මාව/උතුවන්කනද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රියාත්මක වන සමිති හා සංගම් අතරින් අනාදිමත් කලක සිට ක්‍රියාත්මක වන සුවිශේෂි සමිතියක් ලෙස සිංහල භාශාව හා සාහිත්‍ය සමිතිය හදුන්වා දිය හැකිය.2022 වර්ෂයේ සිට මෙම සමිතිය පවත්වනු ලබයි.පාසල තුල ක්‍රියත්මක වන මෙම සමිතිය අප පාසලේ ගරු විදුහල්පතිතුමාගේ අනු දැනුම හා මුලිකත්වයෙන් යුතුව සමිතිය මසකට වාර දෙකක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
සමිති වාර සදහා පාසලේ 6-11 ශේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 ක් පමණ පිරිසක් සම්බන්ධ වේ.පවත්වනු ලබන සමිති වාර තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ චතුර්විධ කුසලතා වර්ධනය කිරිමට ඉදිරිපත් වීම දක්ශතා එලි දැක්වීම හා සබකෝලයෙන් තොරව වේදිකාව හැසිරිම යනාදි කුසලතාවන් සිසුන් තුල වර්ධනය කිරිම සමිති වාර තුලින් අපේක්ෂා කෙරේ. සැම සමිති වාරයක් හී දීම විවිධත්වයෙන් යුතු කථික, වාද විවාද,නාට්‍ය, ගීත,නර්ථන සාකච්චා සහ සංවාද වැඩසටන් අංග කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. විවිධාංගීකරනයෙන් යුතු වැඩසටහන් ඉදිරිපත් කිරීම කෙරෙහි විශේෂ අවධානය හා අධීක්ෂණය ගරු විදුහල්පතිතුමා සිංහල විෂය භාර ගුරු මහත්මීන්ගේ හා නිලධාරී මණ්ඩලය මගින් සිදු වනු ඇත.





