කෑ/මාව/උතුවන්කනද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රියාත්මක වන සමිති හා සංගම් අතරින් සුවිශේෂි සමිතියක් ලෙස ගණිත හා විද්‍යා සමිතිය හදුන්වා දිය හැකිය.2023 වර්ෂයේ සිට මෙම සමිතිය පවත්වනු ලබයි.පාසල තුල ක්‍රියත්මක වන මෙම සමිතිය අප පාසලේ ගරු විදුහල්පතිතුමාගේ අනු දැනුම හා මුලිකත්වයෙන් යුතුව සමිතිය මසකට එක් වරක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
සමිති වාර සදහා පාසලේ 6-11 ශේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 ක් පමණ පිරිසක් සම්බන්ධ වේ.පවත්වනු ලබන සමිති වාර තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ චතුර්විධ කුසලතා වර්ධනය කිරිමට ඉදිරිපත් වීම දක්ශතා එලි දැක්වීම හා සබකෝලයෙන් තොරව වේදිකාව හැසිරිම යනාදි කුසලතාවන් සිසුන් තුල වර්ධනය කිරිම සමිති වාර තුලින් අපේක්ෂා කෙරේ. සැම සමිති වාරයක් හී දීම විවිධත්වයෙන් යුතු ගණිත විද්‍යා දැනුම මිණුම තරග, නාට්‍ය නිර්මාණය සහ ඒවා වේදිකාගත කිරීම්, විද්‍යා විෂයට අදාල ආදේශක භාණ්ඩ සැකසීම හා ඒවා විවිධාංග ඉදිරිපත් කිරීම් ආදී විවිධ විද්‍යා හා ගණිත ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. විවිධාංගීකරනයෙන් යුතු වැඩසටහන් ඉදිරිපත් කිරීම කෙරෙහි විශේෂ අවධානය හා අධීක්ෂණය ගරු විදුහල්පතිතුමා සිංහල විෂය භාර ගුරු මහත්මීන්ගේ හා නිලධාරී මණ්ඩලය මගින් සිදු වනු ඇත.





